IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මියන්මාර රජයෙන් තේක්ක බීජ 15,000 ක්

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ කෘෂි වන වගාව සංවර්ධනය කිරීම සඳහා මියන්මාර රජයෙන් තේක්ක බීජ 15,000 ක් පිරිනමා ඇතැයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී.

ඉකුත් අපේ‍්‍රල් මාසයේ පැවති දෙරට අතර ද්විපාර්ශ්වික  ඒකාබද්ධ කොමිෂන් සභාවේ 3 වන සැසියේ දී ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව මෙම තේක්ක බීජ  පිරිනමා ඇති බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.

උසස් තත්ත්වයෙන් යුතු මෙම  තේක්ක බීජ බාරදීමේ උත්සවය මියන්මාරයේ ස්වාභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ අමාත්‍යාංශයේ දී ඉකුත් දා සිදු කෙරැණු අතර, මියන්මාරයේ ස්වාභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය යෙ මයින්ට් ස්වී මහතා විසින්  ශ්‍රී ලංකා  තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා වෙත නිල වශයෙන් මෙම බීජ තොගය ලබා දෙන ලදී.

ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය යටතේ 1980 වසරේ සිට ක්‍රියාත්මක මියන්මාරයේ තේක්ක ජාන සම්පත් සංරක්ෂණය යටතේ මෑතකදී ලබා ගත් බීජ තොගයක් මෙලෙස ශ්‍රී ලංකාවට පිරිනැමේ.



අදහස් (0)

මියන්මාර රජයෙන් තේක්ක බීජ 15,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site