(අනීෂා මානගේ)
අභාවප්‍රාප්ත වූ චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහය තැන්පත් කර තිබූ තංගල්ල ජයසිරි මල්ශාලාව වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පැමිණ දේහයට ගෞරව දැක්වීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා අද (21) දහවල් තංගල්ල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්විය.
ටියුඩර් රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වන විට 70 වියෙහි පසුවූ අතර මාස කිහිපයක සිට රෝගාතුරව සිට ඇත. චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය තංගල්ල ජයසිරි මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මල්ශාලාව වෙත පැමිණ චන්ද්‍රා රාජපක්ෂ මහතාට ගෞරව දැක්වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මියගිය සොහොයුරාට ගෞරව දැක්වීමට හිටපු ජනපති තංගල්ලට
Perakum Tuesday, 21 August 2018 11:50 PM
කවුද අප්පේ මේ අපි අහලවත් නැති සහෝදරයා? මේ වගේ තව සහෝදරයෝ කොච්චර ඉන්නවද දන්නෙ නෑ.?