(ඩී.කේ.රත්න සහ පාලිත ආරියවංශ)
දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේදී, පොල්ලකින් පහරදී තම මාමා මරා දැමූ බෑනා අද (31) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දියතලාව කහගොල්ල මුල්ලෙවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
මියගොස් ඇත්තේ දියතලාව කහගොල්ල මුල්ලෙවත්ත ප‍්‍රදේශයේ පදිංචි ඩී. එම්. කරුණාරත්න නැමති 62 හැවිරිදි පුද්ගලයෙකි.
මොවුන් දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග ගොස් බෑනා ඊයේ (30) රාත‍්‍රියේ එල්ල කළ පොලු පහරින් එම වියපත් පුද්ගලයා මියගොස් ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දියතලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාමා ඝාතනය කළ බෑනා අත්අඩංගුවට