IMG-LOGO

මාමා ඝාතනය කළ බෑණාට මරණ දඬුවම

(ඩී.ජී.සුගතපාල)
 
පොල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බෑණාට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක මහතා අද(13) මරණ දණ්ඩනය නියම කර, අධිකරණය මගහැර සිටින විත්තිකරු අත් අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ද නිකුත් කළේය.
 
මෙසේ මරණ දණ්ඩනය නියම වූයේ බෙලිඅත්ත ඉහළ බෙලිගල්ලේ නිහාල් රංජිත් දොන් ෆ්‍රැන්සිස්කු නමැති විත්තිකරුවෙකුටය.
 
නාගොඩ පොලිස් වසමේ මාපලගමදි 2000 ජනවාරි 5වන දින  හේනගොඩ විතානාච්චි පියසේන නමැති 55 හැවිරිදි තිදරු පියාට පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
 
මියගිය අය විත්තිකරුගේ මාමණ්ඩිය බවත්, බිරිඳට දරුවෙකු ලැබීමට සිටි බැවින් මහ ගෙදරට පැමිණ සිටියදී විත්තිකරු බීමත්ව පැමිණ බිරිඳට නිවසට යාමට කතාකර ඇති බවත්, එම අවස්ථාවේ සිදු වූ බහින් බස්වීමකදි විත්තිකරු බිරිඳගේ පියාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වී ඇත.
 
විත්තිකරු මහාධිකරණයේ ඇප ලබා ගැනීමෙන් පසු දිගටම අධිකරණය මගහැර සිටීම නිසා විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යන ලදී.
 
නාගොඩ පොලිසියේ සැරයන් නන්දන ප්‍රිති කුමාර(44439) මහතා පොලිසිය වෙනුවෙන් පෙනි සිටියේය.



අදහස් (0)

මාමා ඝාතනය කළ බෑණාට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 231 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 114 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1726 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site