
(ඩයනා උදයංගනී)
මානසික රෝගවලින් පෙලෙන්නන් හදිසියේ රෝහල්ගත කිරීමට සිදුවන විටදී සුවසැරිය (1990) ගිලන් රථ සේවාවේ සේවය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පැවසීය.
ඒ අනුව මානසික රෝගීන් රෝහල්වලට රැගෙන යාමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සුවසැරිය කාර්ය මණ්ඩල පුහුණු කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව අරඹා ඇතැයි අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
මානසික රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම හා රෝගීන් ප්‍රවාහනය සම්බන්ධව විශේෂිත ආචාර ධර්ම පද්ධතියක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බැවින් රෝහල් බලධාරීන් හා මනෝ වෛද්‍ය විශේෂඥවරුන් සමඟ ද සාකච්ජා කර ඒ සඳහා එකඟතාව ලබාගෙන ඇතැයි ද අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
මෙම වැඩපිලිවෙල අදියරෙන් අදියර දිවයින පුරාම ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බව ද විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා කීවේය.
මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් විටින් විට හදිසියේ රෝහල්ගත කිරීමට සිදුවන විට සුවසැරිය ගිලන් රථ සේවාව උපයෝගී කර ගැනීමෙන් රෝගීයාගේ ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.
රෝහලට ගෙන යන අතරතුරදී වඩාත් නිවැරදි ප්‍රතිකාර රෝගීයාට කඩිනමින් ලබාදීමට හැකිවීමත්, රෝගීයාගේ ඥාතීන්ට හෝ බාරකරුවන්ට විශාල පහසුවක් සැලසීමත් මෙම නව ක්‍රමයෙන් බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
ඒ අනුව කොවිඞ් -19 වැළඳුණු රෝගීන් ප්‍රතිකාර ලබාදීමට ගෙනයාමේදී මෙන්ම හදිසි අනතුරු සහ අනෙකුත් හදිසි කායික රෝග තත්ත්ව වලදී උපයෝගී කරගන්නා ලෙසටම මානසික රෝගීන් රෝහල්ගත කිරීම්වලදී ද සුවසැරිය ගිලන් රථ සේවාවේ සහය ලබාගත හැකි වනු ඇතැයි ද අතිරේක ලේකම්වරයා කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මානසික රෝගීන් රෝහල්ගත කිරීමටත් සුව සැරියේ සහය