(ජේ.කේ.එල් චාමින්ද)
මිටියාගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරිමට තැත්කොට වසර 10ක් තිස්සේ සැගවී සිටි අයෙකු කරාපිටිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බව ගාල්ල කොටුව නීතීය බල ගැන්විමේ ඒකකය පවසයි.
සැකකරු ඔහුගේ සහෝදරයා සමඟ ගොස් සැකකරුගේ බිරිදගේ සහෝදරයාට 2009 වසරේදි වෙඩි තබා තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයක් කිරිමට තැත්කොට තිබුණි. මෙම සිද්ධියෙන් පසු මෙම සහෝදරයින් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් කටුනායක ප්‍ර දේශයේ රැකියවක් කරමින් සිට ඇත.
පසුව මොවුන් දෙදෙනා විදේශතව සිට මෙරටට පැමිණ තිබේ.එක් අයෙකු විදේශතව සිට වසර 05කට පමණ පසු පැමිණ තිබේ.අනික් පුද්ගලයා වසර 07කට පමණ පසු පැමිණ ඇති බව පොලිසිය කියයි.
මෙම සහෝදරයින් දෙදෙනාගෙන් බාල සහෝදරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වෙළදසැල්වලට කිරි පැකට් දැමිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත. කරාපිටිය රෝහලේ කිරිහලකට කිරි පැකට් දැමිමේදි මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා මිටියාගොඩ පොලිසියට භාරදි ඇත.සැකකරු 35 හැවිරිදිවියේ පසුවු අයෙකි.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළ අයෙක් වසර 10 කට පසු අත්අඩංගුවට