
(ඩබ් ඒ පියතිලක)
කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්‍යාන මායිම්ව පිහිටි පාළුවැව රක්ෂිතයට කිසියම් අයෙකු ගිනි තැබීමෙන් අක්කර 12ක් පමණ ගින්නෙන් විනාශ වූ බවත් ජාතික උද්‍යානවලට ගින්න පැතිර යෑම වැළැක්වීමට පැය ගණනක් දැඩි වෙහෙසක් දරා නිවා දැමිමට හැකි වූ බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බවට ප්‍රදේශවාසියකු හිගුරක්ගොඩ පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය සහ යුද හමුදාව පැය 6ක් පමණ වෙහෙස වීමෙන් පසු කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්‍යාන වෙත ගින්න පැතිරි යෑම වළක්වා තිබේ.
රක්ෂිතයේ අක්කර 800ක් පමණ තිබෙන බවත් මේ උද්‍යාන දෙක හරහා දුම්රිය මාර්ගය ද පිහිටා තිබේ. උද්‍යාන තුළට කසිප්පු පෙරිම සදහාත් සතුන් දඩයමේ යන පිරිස් විසින් ගිනි තබා ඇති බවත් පොලිසිය සැක පළ කරයි. ඒ වාගේම ගින්නේන් පසු ඉබ්බන්, මුවන්, තලගොයින්, කුරුල්ලන් ඇතුළු විශාල සතුන් පිරිසක් ගින්නෙන් මිය යන බවයි.
ගිනි තැබීම සිදු කළ පුද්ගලයින් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.



2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මින්නේරිය පාළුවැව රක්ෂිතයේ ගින්නක්