IMG-LOGO

මින්නේරියේ නිවසකින් පියකුගේ - දියණියකගේ සිරුරු හමුවෙයි

(ක.ග.කරුණාරත්න)
 
මින්නේරිය පොලිස් වසමේ ජයන්තිපුර, පහේඇළ හේන්කොළයාය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගලයකුගේ සහ ඔහුගේ දියණියගේ සිරුරු අද(01) සොයාගත් බව මින්නේරිය පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ, හේරත් මුදියන්සේලාගේ වසන්ත කුමාර නමැති 45 හැවිරිදි අයෙකු සහ ඔහුගේ දියණිය වන විශ්මි දිලීෂා නමැති 13 හැවිරිදි දැරියකි.
 
එම දැරිය වස ශරීරගත වීමකින් මිය ගිය බවට සැකකෙරෙන අතර, ඇගේ පියාගේ මළ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.
 
සිද්ධිය වන අවස්ථාවේ නිවසේ කිසිවකු නොවූ බවද, එම පුද්ගලයාගේ බිරිඳ විදේශයේ සිට පැමිණ සිය මවගේ නිවසේ රැඳී සිට ඇති බවද, පවුල් ආරවුලක් මීට හේතුවන්නට ඇති බවද, පියා දියණියට වස පොවා තමන්ද දිවි නසාගන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි.
 
මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
 
මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

මින්නේරියේ නිවසකින් පියකුගේ - දියණියකගේ සිරුරු හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 280 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 147 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1788 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site