IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මින්නේරියෙන් කවුඩුල්ලට ජලය දීම අත්හිටවූවාට ගොවීහු වීදිබසිති

(චාපා මධුභාෂිණි)
 
කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවීහු අද(25) හබරණ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය අගලවාන මතදී විරෝධතාවක් පැවැත්වූහ.
 
මින්නේරිය ජලාශයෙන් කවුඩුල්ල ජලාශයට 24 දින නිකුත් කළ ජලය ඊයේ (25) හදිසියේ අත්හිටුවීම හේතුවෙන් ප්‍රමාණවත් තරම් ජලය ලබා ගැනීමට නොහැකි වූ බවද, එසේ වූයේ දේශපාලඥයෙකු වාරි ඉන්ජිනේරුවරුන්ට කළ බලපෑමෙන් බවද, ඔවුහු කීහ.
 
පසුගිය සතියේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා සමඟ කවුඩුල්ල ජලාශයේ ගොවි නායකයින් එක්ව කළ සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මින්නේරිය ජලශයෙන් කවුඩුල්ල ජලාශයට අක්කර අඩි 5000 ජලය ලබා දීමට පොරොන්දු වූ බවත් ඉන් අක්කර අඩි 4000ත් කවුල්ල ජලාශයට ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. 
 
මින්නේරිය ජලාශයෙන් පසුගිය 24 වන දින කවුඩුල්ල ජලාශය වෙත දින දෙකක පමණ කාලයක් ජලය මුදා හැරුණද කවුඩුල්ල ජලාශයට ලැබී ඇත්තේ අක්කර අඩි 100 පමණ ජලය බවත් දැනට කවුඩුල්ල ජලාශයේ පවතින ජල ධාරිතාව අක්කර අඩි 25, 000 වන අතර එය කුඹුරු අක්කර 13,500කට ප්‍රමාණවත් නොවන බවද ඔවහු කීහ.
 
පසුව එම ස්ථානයට පැමිණි මින්නේරිය ප්‍රධාන වාරි ඉන්ජිනේරු ඒ. එම්. අංජන අබේසිංහ මහතා කවුඩුල්ල ජලාශයට පළමුව ජලය මුදා හැරීමට කටයුතු කළේය.



අදහස් (0)

මින්නේරියෙන් කවුඩුල්ලට ජලය දීම අත්හිටවූවාට ගොවීහු වීදිබසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32402 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14905 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1311 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site