(රොමේෂ් මධුෂංක)
මන්නාරම් මඩු මුල්ලිකුලම් රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහපරිමාණ දැව ජාවාරමක් වටලා බුරුත පැටවු කැබිරථයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණ අරඹා ඇතැයි මඩු අඩවිවන කාර්යාලය පවසයි.
අද (21) අලුයම මඩු අඩිවි වන නිලධාරීන් හා පූවර්සන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
මඩු අඩවි වන කාර්යාලයට හා පූවර්සන්කුලම් පොලිස් විශේස කාර්ය බලකා නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව මඩු මුල්ලිකුලම් රක්ෂිතයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මුල්ලිකුලම් රක්ෂිතයෙන් කපා ඉරාගන්නා ලද බුරුත දැව තොගයක් පටවන ලද මෙම කැබ් රිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් පලා ගොස් ඇත.
අත්අඩංගුවට ගත් කැබ් රථය හා දැව තොගය මඩු අඩවි වනකාර්යාලයට රැගෙනවිත් ඇති අතර කැබ් රථයේ හිමිකරු සහ ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම්ට පියවර ගෙන ඇති බවට මඩු අඩවිවන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.


2025 නොවැම්බර් මස 04
751
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්නාරම් මඩු රක්ෂිතයේ දැව ජාවාරමක්