IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මන්නාරම් මඩු කැලේ දී හක්කපටස් බෝම්බයට බිළි වු අලියා මරුට


 
රොමේෂ් මධුෂංඛ
 
මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේ දී හක්කපටස් බෝම්බයකට ගොදුරුව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි වල් අලියා මිය ගිය බවට මන්නාරම් වනජීවි නිලධරයෝ පවසති.


පසුගිය 27 වැනිදා බෝම්බයට ගොදුරු වූ වල් අලියා පිළිබඳ පළමුව 20 වැනි සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන් දැක ඒ බව වනජීවී නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් වනජීවි නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ යුද හමුදා නිලධාරීන් සමඟ එක්ව ප්‍රතිකාර කිරීම එදින සිටම සිදු කළද බෝම්බය පුපුරා යාමෙන් දරුණු ලෙසට තුවාල ලබා තිබීම නිසා වල් අලියා බේරා ගැනීමට නොහැකිව ඇත.


දඩයම් කරුවන් විසින් හක්කපටස් බොම්බයක් යොදා තිබියදී මෙම වල් අලියා ගොදුරු වී ඇති අතර හක්කපටස් බෝම්බය අලියාගේ මුඛය තුළම පුපුරා යාම හේතුවෙන් මුඛයටත් හිසටත් දැඩි හානි සිදුවීම හේතුවෙන් අලියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව පශු වෛද්‍යවරු කියති.


හක්කපටස් බෝම්බය තැබූ පුද්ගලයින් කවුරුන් දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම පිරිස් සොයා ද පරික්ෂණයක් වනජීවි නිලධාරීන් විසින් ආරම්භ කරනු ලැබීය.



අදහස් (0)

මන්නාරම් මඩු කැලේ දී හක්කපටස් බෝම්බයට බිළි වු අලියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31854 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14320 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11176 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 245 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1184 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site