(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම මඩු ප්‍රදේශයේ පිහිටි සංගිලි පාලම නොහොත් එල්ලෙන පාලම නඩත්තුවට හෝ ආරක්ෂාවට කිසිවෙකුත් නොමැති වීමෙන් එය විනාශ වී යාමේ අවදානමක් පවතින අතරම පාලමේ යකඩ තහඩු ගැලවීමේ අවදානමක් ද පවතින බවට ප්‍රදේශවාසීහු පවසති.
පසුගිය කාලයේ සංගිලි පාලමට පැමිණ අවට සිරි නැරඹීම සඳහා විශාල සංචාරකයින් පිරිසක් පැමිණි අතර 2016 දී මෙම ස්ථානය සංවර්ධනය කර සංචාරක නිකේතනයක් වශයෙන් ද උතුරු පළාත් සභාවෙන් නම් කර නඩත්තුව හා ආරක්ෂාවට උතුරු පළාත් සභාවෙන් යොදවා සිටි අතර පසුව උතුරු පළාත් සභාවේ ධූර කාලය අවසන් වීමත් සමඟ සංගිලි පාලම නඩත්තුවට හෝ ආරක්ෂාවට කිසිවෙකුත් නොමැති වී ඇත.
සංගිලි පාලම ඉතා සතා සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රදේශයක් වන අතර මේ වන විට එහි බාරකරුවන් නොමැතිව සංචාරකයින් ද යාමට බියක් දක්වන අතරම සංචාරකයින් නොමැති වීම හේතුවෙන් ඇතැම් අබලි යකඩ ජාවාරම්කරුවන් විසින් පාලමේ ඇති යකඩ තහඩු ගැලවීමේ උත්සහයක ද නිරත වන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මේ වන විටත් සංගිලි පාලමේ ගමන් කරන පෙදෙසේ යකඩ තහඩුවක් ගලවා ඇති අතරම ඉදිරියේ දී සියලුම තහඩු ගැලවීමේ අවදානමක් ඇති හෙයින් සංගිලි පාලම ආරක්ෂා කර තවත් වැඩි දියුණු කරන්නේ නම් සංචාරක කර්මාන්තය මගින් මුදල් ඉපයීමේ අවස්ථාවක් ද උදාවන බැවින් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී කඩිනම් පියවරක් ගන්නා ලෙසට ද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මන්නාරමේ එල්ලෙන පාලම අවදානමේ