IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මන්නාරමේදී කේරල ගංජා කිලෝ 126 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම උදයපුරම් ප්‍රදේශයේදී නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා කිලෝ 125 ග්‍රෑම් 695 ක් අත්අඩංගුවට ගෙන ඇත.

උදයපුරම් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු කේරල ගංජා කිලෝ 5 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසුව නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාවේද සහය ඇතිව සඟවා තිබූ සෙසු කේරල ගංජා තොගය සොයාගැනීමට හැකිවී තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහ මන්නාරම් පොලිසියේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරල ගංජා තොගය වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා පේසාලෙයි පොලිසියට භාර දීමට පියවර ගෙන ඇත.

 

 



අදහස් (0)

මන්නාරමේදී කේරල ගංජා කිලෝ 126 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32289 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14786 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1286 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site