(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මුහුදු ඛාදනය උග්‍ර විමත් සමග මුන්දලම උඩප්පුව මුහුදු තීරයේ දරුණු ලෙස ඛාදනයට ලක්වෙමින් ඇති බව ධීවරයෝ කියති.
මුහුදු ඛාදනය උග්‍ර විමත් සමග මේ වන විට ධීවරයින් බරපතල ලෙස අසරණ වී ඇත්තේ තම රැකියාව කර ගැනීමට නොහැකි තත්වයක් මතය . ඒ සමගම උඩප්පුව කාලි කෝවිල ආසන්නයට මුහුදු කෑම ලංව ඇති අතර ධීවර වාඩි සදහා තවත් ඇත්තේ අඩි කිපයක් බවත් වෙරළ මාර්ගය මුහුදු රකුසා ගොදුරු කර ගැනිමට ද තව ඇත්තේ තවත් මිටර් 15 කට ආසන්න දුරක් බව ධීවරයෝ සඳහන් කරති.
“ දැන් නැවතත් වාරකන් පටන් අරන් තිබෙන නිසා වෙන්නප්පුව සිට කල්පිටිය දක්වා මුහුදු තිරයම ඛාදනයට ලක් වෙලා තිබෙනවා කියලා තමයි කියන්නේ. අපිට තවම උඩප්පුවේ අලුත් තත්වය පිළිබදව තොරතුරු ලැබී නැහැ. නමුත් වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට මම අනික් ඛාදනය වු ප්‍රදේශ ගැන දන්වා තිබෙනවා . එහිදි කළු ගල් හිඟයක් ඇතැයි දැනගන්න ලැබුණා. ඒ නිසා ළඟදීම කළයුතු කටයුතු පිළිබඳව දැනුවත් කරන්නම්‘‘ යැයි දිස්ත්‍රික් ලේකම් වරයා පැවසිය.




2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2362
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1733
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුන්දලමේ මුහුදු ඛාදනය දරුණු වෙයි