IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ නඩුවේ ඇප නියෝගය 21 වැනිදා

(ඔගස්ටින් ප්‍රනාන්දු)     

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස්  අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතාට ඇප ලබාදිමේ නියෝගය නිකුත් කිරිම 21 වැනිදා සිදු කරන බව හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහදගම  මහතා අද (17) නියෝග කළේය.

සැකකරු එදින තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස ද විනිසුරුවරයා නියම කළේය.

2004 මැයි මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දි නීති විරෝධිව ගිනි අවියක් හා උණ්ඩ තොගයක් සන්තකයේ තබා ගැනීම සහ අයුතු ජනරාශිය යන චෝදනා මත සැකකාර මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැණිනි.

නඩුව යළි අද (17) මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දි ඔහුට ඇප ලබා දිමේ නියෝගය මේ මස 21 වන නිකුත් කරන බවත් එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටත් විනිසුරුවරයා දැන්වීය.

රජයේ අධිනිතිඥ ලක්මාලි දිසානායක මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර ජනාධිපති නිතිඥ අනුර මැද්දේගොඩ නිහාල් සුමනධිර නිතිඥ සුමුදු ජයමාන්න යන මහත්වරුන් සහ නිතිඥ නදීශා කන්නන්ගර මහතමිය සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.

          



අදහස් (0)

මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ නඩුවේ ඇප නියෝගය 21 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site