IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාධ්‍යවේදියාට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි විරෝධතාවක්

(ප්‍රේමතිලක  පෙරමුණ)
 
ප්‍රාදේශීය මාධ්‍යවේදී අලුත්ගම තුසිත කුමාර  සිල්වා මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දුන් පිරිස අත්අඩංගුවට නොගත්තැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු අද(08) අලුත්ගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද සහභාගි වූ අතර හෙතෙම මෙසේ පැවසී ය.

 
"කළුතර දිස්ත්‍රික්කයට තර්ජනයක්ව පවතින කෘතිම රා නිෂ්පාදනාගාර සම්බන්ධයෙන් හෙළිදරව් කළ කළ මාධ්‍යවේදියාට පහරදීම අපි දැඩි ලෙස ඉතා පිළිකුල්ව හෙළා දකිනවා. කෘතිම රා  නිෂ්පාදනකරුවන් පොලිසියෙන් අත්අඩංගුවට නොගන්නා අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට අරගත්තා. පසුගිය ආණ්ඩු කාලයේ දී මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම දිගින් දිගට ම පැවතුණා. මෙම ආණ්ඩුවේදීත් එය එලෙසම පැවතීම ඉතා කනගාටුදායක සිද්ධියක්. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ  මේ සම්බන්ධව අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් පවත්වා අදාළ වැරදිකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසයි”

ඉකුත් 06 වැනි දින පහරකෑමට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.   මෙම විරෝධතාවය සඳහා තුසිත කුමාර සිල්වා මහතාගේ මව සහ සොහොයුරා ද එක්ව සිටියහ.  



අදහස් (0)

මාධ්‍යවේදියාට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site