(ප්‍රදීප් කුමාර කුලරත්න)
ඉකුත්දා පැවැති රාමසාන් උත්සවය සමරන ආකාරය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදී බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් මහතාට අටුළුගම ප්‍රදේශයේ දී සිදු වූ මැර තර්ජන හෙළා දකිමින් ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කළු පටි පැළැඳ නිහඬ විරෝධතාවක් බණ්ඩාරගම නගර මධ්‍යයේදී අද (27) දා දහවල් සංවිධානය කර තිබුණි.
එහිදී ""මාධ්‍යයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමු "" මෙම ප්‍රහාරය ජනාධිපතිවරයා ගේ අවධානය පිණිසයි "අටුලුගමට වෙනම නීතියක් ද "නිදහස් මාධ්‍ය ට මරු පහරක් "මාධ්‍ය අනතුරේ "යන වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් පැයක පමණ කාලයක් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් නිහඬ විරෝධතාවයක මෙ සේ නියැලුණි .
මෙම අවස්ථාවේ දී විරෝධතාව පැවැති ස්ථානයට කළුතර දිස්ත්‍රික් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ලේකම්වරයකු පැමිණ බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කොට මාධ්‍යවේදීන් හමුවට විත් මීට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකු ප්‍රදේශයෙන් පළාගොස් පලා ගොස් ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කරන බවට පොලීසිය තමන් වෙත සඳහන් කළ බවත් එම පරීක්ෂණ සාධාරණව හා අපක්ෂපාතීව සිදුකිරීමට රජය පූර්ණ සහාය ලබා දෙන බවට අමාත්‍යවරයාට පැවසූ බව මෙහිදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය .
අනතුරුව පැයක පමණ කාලයක් පැවති නිහඬ විරුද්ධතාව නිමාවට පත් කළේය .
මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ කොළඹ හා කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ


2025 නොවැම්බර් මස 04
781
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාධ්‍යවේදීයාට එල්ලවූ මැර තර්ජන හෙළා දකිමින් විරෝධතාවක්
Nishan Wednesday, 27 May 2020 09:39 AM
අද කාලේ තමුන් මාධ්‍යවේදීන් කියා ගන්න බොහෝ අය මාධ්‍යවේදීන් නෙවෙයි.
samantha Wednesday, 27 May 2020 10:31 AM
මේ අවස්ථා වලදී ඇත්තටම අපේ මාද්‍ය සගයන් සමගියෙන් කටයුතු කිරීම පැසසිය යුත්තක්. නැත්නම් මේ අන්තවාදීන් තව නොබෝ දිනකින්ම ඔවුන්ට අවාසිවන යම් දෙයක් වාර්තාකරණයට යන සියලුම මාධ්‍යවේදීන්ට තරාතිරම, ආයතනය නොබලා තලා පෙලා දැමීම නියතයි.