IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහළ අගයක

( දිල්රුක්ෂි ග්‍රේරු )
 
ශ්‍රී ලංකාවේ සෙසු පළාත් වලට වඩා මධ්‍යම පළාතේ  පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉතා පහළ  අගයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ  සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
 

අපොස  සාමාන්‍ය පෙළ  සමත්වී උසස් අධ්‍යාපනය  සඳහා යොමුවන්නේ සීමිත සිසුන් පිරිසක් වන අතර ඔවුන්ද කලා විෂය ධාරාව පමණක් තෝරාගන්නා බවත් වාණිජ, විද්‍යා විෂයන් හැදැරීම ඉතා අඩු මට්ටමකට පවතින බවද ඔහු සඳහන් කළේය.
 
 මීට ප්‍රධාන හේතුව වී  ඇත්තේ  දුෂ්කර පාසල්හි පවතින දැඩි ගුරු පුරප්පාඩුව යැයිද ඔහු පැවසීය.
 
නමුත්  මේ වන විට මධ්‍යම පළාතේ  ගුරු  හිගයක්  නොමැති බවද ,ගුරු අතිරික්තය තුලනය කිරීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් මෙවැනි තත්ත්වයක්  ඇති වී ඇතැයි  ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මධ්‍ය පළාත තුළ  සමස්ථ ගුරුවරුන්ගේ අවශ්‍යතාව 29,800  ක් වේ.  මේ වන විට ගුරුවරුන් 30,000 ක් 31,000 ක් පමණ සිටින බවත්  ඔහු කීවේය.අතිරික්ත ගුරු සංඛ්‍යාවක් සිටියද මේ වන විට  දුෂ්කර පාසල් හි  පවතින මෙම  ගුරු හිගය   ඇති වීමට  ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ  බොහෝ ගුරුවරු නගර ආශ්‍රිත පසල් පමණක් තෝරා ගැනීම  බවද  පැවසීය.

නව ගුරු පත්වීම් ලබා  සේවයට එක්වන  ඇතැම් ගුරුවරු දුෂ්කර සේවයට නොයා ,දේශපාලන හා උසස් නිලධාරීන්ගේ අනු දැනුම මත  නගර ආශ්‍රිත පාසල් කරා පමණක්  ඇදී යාමත්, එමෙන්ම දුෂ්කර පාසල් හි පවතින අවම පහසුකම් නිසා ගුරුවරුන් එහි රැදී නොසිටීමත් හේතුවෙන්  මෙවැනි තත්වයක් මතුව ඇතැයිද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් දුෂ්කර පාසල් හි දූ දරුවන්ට  නිසි අධ්‍යාපනයක් නොලැබෙන බවත් ඇතැම් දරුවන් උසස් අධ්‍යාපනය යොමු නොවීමෙන්  නිසි වයසේ පාසල් අධ්‍යාපනය අහිමි වී ඇතැයිද   ඔහු කීවේය. මෙම ගැටළු වලට  විසඳුම් ලබා දීම පළාත් සභාවට පැවරී තිබුණත් ඔවුන්  නිසි ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම්   ඒ පිළිබඳව සොයා බලා කඩිනම් පියවර ගැනීමට රජය මැදිහත් විය යුතු යැයිද, ඇතිව තිබෙන මෙම ගැටළු සඳහා රජය ද වගකිව යුතු යැයි  හෙතෙම සඳහන් කළේය.

මේවාට කඩිනම් විසඳුම් නොලැබුණහොත්  ඉදිරියේදී  සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයේම ගැටළු ඇතිවීමට ඉඩ ඇතැයිද ඔහු පැවසීය.



අදහස් (0)

මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහළ අගයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32413 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14917 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site