IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම පළාතේ පාසල්වල 4365 ක ගුරු හිඟයක්

(කාංචන කුමාර ආරියදාස )

මධ්‍යම පළාතේ පාසල් 1521ක ගුරුවරුන් 4365ක හිඟයක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජරත්න මහතා අද (18) පැවසීය.

තම පළාතේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල වූ කාර්යභාරයක් ඉටුකිරීම සඳහා ඉදිරියේ දී ගුරු හිඟය බලපාන බවත් පාසල් කලාපවල උසස් අධ්‍යාපනය ලබා සුදුසුකම් සපුරා ඇති පිරිස ගුරු සහායකයින් ලෙස බඳවාගෙන මෙම ගුරු හිඟයට පිළියමක් යෙදීම සඳහා තමන් රජයට යෝජනා කර තිබෙන බවද සඳහන් කළේය.

මධ්‍යම පළාතේ මාතලේ,මහනුවර, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙහි පළාත් පාසල් 1467 ජාතික පාසල් 54 ක් පවතින බවත් එයින් සිංහල පාසල් 920 ද දමිළ පාසල් 451 ක් ද මුස්ලිම් විද්‍යාල 96 ක් ද  එයින් කාන්තා පාසල් 27 පිරිමි පාසල් 15 ක්  පවතින බව ලේකම් සඳහන් කළේය.

මධ්‍යම පළාතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අධ්‍යාපනය ලබන ඒකක 122 ක් පවතින බවත් එයින් දරුවන් 1255 දෙනෙකු අධ්‍යාපනය ලැබුව ද ගුරුවරුන් 82 ක පමණ හිඟයක් පවතින බව ලේකම්වරයා පැවසීය.

දැනට මධ්‍යම පළාතේ සිදුකර ඇති සමීක්ෂණ අනුව කලාප  15 ක් වන අතර එයින්  දුෂ්කර කලාප ලෙස විල්ගමුව ,නුවරඑළිය ,හැටන් හා වලපනේ කලාප නම් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

එහෙත් මහනුවර මාතලේ  නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල ඇති පාසල් රැසක් දුෂ්කර පාසල් ලෙස පැවතිය ද ඒවා හඳුනාගෙන නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් බවත් හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේ දී මධ්‍යම පළාතේ පාසල් මට්ටමින් දුෂ්කර පාසල් සහ අති දුෂ්කර පාසල් ප්‍රිය මනාප පාසල් වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාවය මතුව ඇතැයි ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මධ්‍යම පළාතේ පවතින ගුරු හිඟය හේතුවෙන් පළාතේ දරුවන්ට ගණිතය විද්‍යාව තොරතුරු තාක්ෂණය යන විෂයන් ඉගැන්වීම සඳහා බරපතල ප්‍රශ්නයක් මතුව තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තම පළාත තුළ අවම වශයෙන් ගුරුවරුන් 30,000 ක් පමණ සේවයේ යෙදුණ හොත් පළාතේ දුවා දරුවන්ට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීමට හැකි බවත් ඒ සඳහා දැඩි වෙහෙසක් දරමින් කටයුතු කිරීමට සිදුව ඇති බවත් පෙන්වා දුන්නේය.



අදහස් (0)

මධ්‍යම පළාතේ පාසල්වල 4365 ක ගුරු හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1679 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site