(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත තුළ පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය අද (25) සවස පහ දක්වා දීර්ග කරනු ලැබ තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය , , සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කොරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මෙයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය සඳහා නිකුත් කර ඇත්තේ දෙවන අදියරේ අවදානම් නිවේදනයයි.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින් ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම් ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිල් පර්යේෂණ සංවිධානය කියයි.
දෙවන අදියරේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශයේ ජනතාව නායයෑම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයටක යාමට සූදානම් වන ලෙසත් ඉල්ලා සිටියි.
2025 නොවැම්බර් මස 04
780
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2424
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස දෙකක නාය අවදානම් නිවේදනය දීර්ඝ කරයි