(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත් සභාව යටතේ පවතින පාසැල්වල සහ කලාප අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්තව සේවය කරන අනධ්‍යයන සේවකයින් මුහුණදෙන ගැටළුවලට ඉතා ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතාගෙන් ඉල්ලා සිටියි.
මධ්‍යම පළාතේ සේවයේ නියුක්ත අට වැනි ශ්‍රේණිය සමත් අනධ්‍යයන සේවකයින්ට උසස් වීම් අවස්ථාවන් හිමි කර දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, ජාතික පාසැල් සහ පළාත් පාසැල් අතර අනධ්‍යයන තනතුරු සම්බන්ධෙයන් පවතින විෂමතා ඉවත් කිරීම, මුරකරුවන් සදහා අවශ්‍ය ටෝච් සහ වැහි කබා ඇතුළු උපකරණ ලබා දීම, මුරකරුවන් නිවාඩු ලබා ගන්නා අවස්ථාවලදී සහන මුරකරුවන් යෙදවීම, දුෂ්කර ප්‍රදේශවල සේවයේ නියුක්ත සේවකයින්ට දුෂ්කර දීමනා ලබා දීම, විභාග රාජකාරි සදහා අනධ්‍යයන සේවකයින්ටත් අවස්ථාව ලබා දීම, පැය අට ඉක්මවා සේවය කරන සේවකයින්ගේ සේවාව පැය අටක සේවා කාලය ලබා ගැනීම, ජ්‍යෙෂ්ඨත්වය අනුව රාජකාරී පැවරීම, අලුතින් බඳවා ගත් සේවකයින් වෙනුවෙන් කාර්යක්ෂමතා කඩඉම් විභාගය පැවැත්වීමට කටයුතු කිරීම, විල්ගමුව කලාප කාර්යාලයේ පවතින විෂමතා ඉවත් කර දෙන ලෙස ඉල්ලීම, ඇතුළු කරුණු 14 ක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා සමඟ සාකච්ඡා කළ බවත් එම ඉල්ලීම් ඉටු වනු ඇති බව විශ්වාස කරන බවත් අධ්‍යාපන අනධයයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා තව දුරටත් කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මධ්‍යම පළාතේ අනධය්‍යන සේවකයන්ගේ ගැටළු වලට විසඳුම් ඉල්ලයි