IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මධ්‍යම ආණ්ඩුකාර වැඩ අරඹයි

(චමිල් රූපසිංහ)

පළාත් සභා අද සුදු අලියෙක් බවට පත්ව ඇතැයි චෝදනා එල්ල වන බවත් පළාත් සභා පිහිටුවීමේ අරමුණ යථාර්ථයක් කිරීම පිණිස සියලු දෙනාගේ අවංක කැපවීම අවශ්‍යය බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

මධ්‍යම පළාතේ 15 වන ආණ්ඩුකාරවරයා ලෙස අද (28) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී වැඩබාර ගත් නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පළාත් රාජ්‍යය සේවකයින් ඇතුළු පිරිස හමුවේ මේ බව පැවසිය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍යමත් රටක් ගොඩ නැගීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය  මේ රටේ අති බහුතර ජනතාවක් අනුමත කර තිබෙනවා. එය හොඳින් කියවා අත්පොතක් ලෙස තබා ගනිමින් ඒ අනුව කටයුතු කරන්න කියා මධ්‍යම පළාතේ රාජ්‍යය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.  වංචා,දූෂණ හා අක්‍රමිකතා වලට සහය දෙන රාජ්‍යය සේවකයින් සුළු පිරිසක් නිසා සමස්ත රාජ්‍යය සේවකයින් කෙරෙහිම ජනතාව තුළ කළකිරීමක් ඇතිවෙලා තියෙනවා. අවංකව හදවතට එකඟව සෑම විටම තීන්දු තීරණ ගන්න කියල රාජ්‍යය සේවකයින් මම ඉල්ලා සිටින බවත් එවැනි නිලධාරීන්ගේ ආරක්ෂාවට තමන් සෑම විටම සිටින බවද එහිදි ආණ්ඩුකාරවරයා සදහන් කළේය.

විද්වතුන් හා වෘත්තීයවේදීන් ලබාදුන් අදහස් වලට නිසි පිළිගැනීමක් නොලැබුණු බවට චෝදනා තිබෙන ඇති බවත් ඉදිරියේදී ඔවුන් ද සම්බන්ධ කරගෙන මධ්‍යම පළාත දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් මධ්‍යම පළාතේ අධ්‍යාපනය විශාල පසුබෑමකට ලක්ව තිබෙන අතර එය නිවැරදි මාවතට යොමු කිරීමේ අභියෝගය ජය ගැනීමට තිබෙන බවද ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

මධ්‍යම ආණ්ඩුකාර වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site