IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මධ්‍යම ආණ්ඩුකාර වැඩ අරඹයි

 

(චමිල් රූපසිංහ)

බස්නාහිර හා දකුණු පළාත් වලට වඩා  මධ්‍යම පළාතේ සෞඛ්‍ය, අධ්‍යාපන හා සංචාරක ආදි ක්ෂේත්‍ර ගණනාවක් පහළින් තිබෙන බවත් මෙම තත්ත්වයෙන් ඉහළට මධ්‍යම පළාත ගෙන ඒමට සැමගේ කැපවීම අවශ්‍ය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස අද (7) පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩබාර ගැනීමෙන් පසු රාජ්‍යය නිලධාරීන් අමතමින් තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළේය.

අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, නාථ දේවාල විහාරස්ථානයේ විහාරාධිපති ගොමගොඩ රතනසාර, අස්ගිරි නියෝජ්‍ය පරිවේනාධිපති ඇටිපොළ මහින්ද යන හිමිවරු මෙහිදී පිරිත් සජ්ජායනය කර ආණ්ඩුකාරවරයාට ආශිර්වාද කළහ.

දේශපාලනඥයින් හා රාජ්‍යය නිලධාරීන් වෙත පීඩනයක් එල්ල කර තම ප්‍රශ්න හා ගැටලු වලට විසඳුම් ලබා ගැනීම සඳහා පුරවැසියන් ලෙස ජනතාව පෙළ ගැසිය යුතු බවත්  එසේ වුවහොත් මධ්‍යම පළාත් අද පවතින තත්ත්වයෙන් ඉහළට ගෙන යා හැකි බවද කීර්ති තෙන්නකෝන් මහතා කීය.

පළාත් සභා නවයෙන් අටකම මහජන නියෝජිතයින් නොමැති වීම නිසා පළාතේ ජනතාවගේ ගැටලු විසඳීමේ බාරදූර වගකීම ආණ්ඩුකාරවරු මත සම්පූර්ණයෙන්ම පැටවෙන බවත් මධ්‍යම පළාතේ ද එම තත්ත්වය පවතින බවත් ආණුඩුකාරවරයා සඳහන් කළේය.

සමාජ සාධාරණය, යුක්තිය හා සමාජ තුලිතතාවන් ඉහළට ගෙන ඒම අභියෝගයක් බවත් එය ජය ගැනීම පිණිස සියලු දෙනා එකතු වී වැඩ කළ යුතුව තිබෙන බවත් පළාත් සභාවන්හි අවශ්‍යතා වලට කන්දෙන තත්ත්වයට  මධ්‍යම ආණ්ඩුව පත්කළ යුතු බවත් මධ්‍යම පළාත යම් ප්‍රමාණයකට එය භුක්ති විඳින බවද ආණ්ඩුකාරවරයා එහිදි කීය.

මෙම අවස්ථාවට හිටපු අගමැති දි.මු ජයරත්න, හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාර, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී නිමලසිරි, මහනුවර පුරපති කේසර සේනානායක, මාතලේ පුරපති ඩල්ජිත් අළුවිහාරේ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ප්‍රේමවංශ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

මධ්‍යම ආණ්ඩුකාර වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site