IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


මධ්‍යම අධිවේගයේ යකඩ සොරාගත් චීන ජාතිකයා මාට්ටු

(ආනන්ද ඉ ජයකොඩි)

මධ්‍යම අධිවේගී මාර්ගයේ තනාගෙන යන මාර්ග කොටසක තිබූ රුපියල්  හාර ලක්ෂ අසූ හය දහසක් වටිනා යකඩ තොගයක් සොරා ගෙන ගොස් විකුණා ඇති බව කියන චීන ජාතිකයෙකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ ප්‍රදේශයේ තනා ගෙන යන මාර්ග කොටසක තිබු රුපියල් හාර ලක්ෂ අසූ හය දහසක් පමණ වටිනා යකඩ තොගයක් සොරා ගෙන ගොස් ඇති බවට එහි ඉදිකිරීම් සමාගමක පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා එහි සේවයේ නියුතු චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කීය.

එසේ සොරා ගෙන ගොස් ඇති යකඩ තොගය වටද්දර ප්‍රදේශයේ ස්ථානයකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා පැවසීය.

අත් අඩංගුවට ගන්නා ලද සැකකාර චීන ජාතිකයා ඉදි කර ගෙන යනු ලබන අධිවේගී මාර්ග කොටසේ සේවය කරන්නෙකු බවට වැඩිදුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

 



අදහස් (0)

මධ්‍යම අධිවේගයේ යකඩ සොරාගත් චීන ජාතිකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site