බිඟුන් මේනක ගමගේ
මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ සිද්ධි දොළහකට අදාළව අධිකරණ කීපයක විභාග වන නඩු මගහැර සිටි පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස නීති බලගැන්වීමේ ඒකකයෙන් අද අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල පිහිටි ප්‍රසිද්ධ ඉඩම් හා නිවාස ඉදිකිරීම් සමාගමක අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කර ඇති මෙම පුද්ගලයාට එරෙහිව ව්‍යාජ ඔප්පු සැකසීම හා නිවාස ඉදිකර දෙන බවට පොරොන්දු දී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක්ම ලැබී ඇතැයි එම ඒකකයේ නිලධාරියෙක් පැවසීය.
වරෙන්තු කීපයක්ම නිකුත් කළ ද අධිකරණය දිගින් දිගටම මග හැරීම නිසා ජංගම දුරකථන දත්ත වාර්තා හරහා මෙම පුද්ගලයා සොයා පරීක්ෂණ කිරීමට සිදු වී යැයි කී හෙතෙම කඩවත රන්මුතුගල ප්‍රදේශයේ දෙමහල් නිවසක සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි ද කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් ද මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේ යැයි ද එම නලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුදල් වංචා 12කට නිවාස සමාගමක අධ්‍යක්ෂ සැකපිට