IMG-LOGO

මුදල් වංචා කළ අයට අත්හිටවූ සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
කිරිබත්ගොඩ රෙදිපිළි වෙළඳ සැලේ බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කොට මාස 10 ක දී රුපියල් ලක්‍ෂ 36 ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් එහි ප‍්‍රධාන මුදල් අයැකැමිවරයාට අත්හිටවු සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රත්නප‍්‍රිය ගුරුසිංහ මහතා නියම කළේය.

චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුට මාස 15ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කොට එම වසර හතක කාලයකට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා ඊට අමතරව ඔහුට රුපියල් 50,000/- ක දඩයක් නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් අමතර  මාස  හයක  ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළේය.

නඩු විභාගය අතරතුරදී චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ වෙළඳසලේ ප‍්‍රධාන මුදල් අයැකැමිවරයා ලෙස සේවය කරමින් සිටි ඇඹරලුව උතුර, වැපිවේරියේ පදිංචි එච්.ජී. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න නමැත්තෙකුටය.



අදහස් (0)

මුදල් වංචා කළ අයට අත්හිටවූ සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site