( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ 07 ධර්මපාල මාවතේ ආගමික මධ්‍යස්ථානයක රාජකාරීයෙහි යෙදී සිටි ආරක්ෂක නිලධාරීයා මුළා කර එහි කාර්යාලයක තිබු රුපියල් 88,000ක මුදලක් සොරාගත් හිටපු ආරක්ෂක නිලධාරියා අද (18) අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය කියයි.
ඉකුත් 05 වැනිදා රාත්‍රියේදී මෙම පුද්ගලයා තවත් පුද්ගලයකු සමඟ යතුරුපැදියකින් පැමිණ ආගමික මධ්‍යස්ථානයේ වසා තිබුණු දොරටුව අසළට ගොස් ආරක්ෂක නිලධාරියා කැඳවා ඔහු පරීක්ෂා කිරීමට පැමැණි නිලධාරීන් ලෙස අඟවා ගේට්ටුව විවෘත කරවාගෙන සටහන් පොත් රැගෙන එන ලෙස දන්වා එහි සටහනක්ද දමා ඇතැයි පොලීසිය පවසයි.
අනතුරුව ආරක්ෂක නිලධාරියා අමතා කාර්යාලයේ යතුර රැගෙන එන ලෙස පවසා යතුර රැගෙන කාර්යාලයේ දොර විවෘත කර එහි බෑගයක දමා තිබු මුදල් රැගෙන ගොස් තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් පැහැරගත් හිටපු ආරක්ෂකයා අත්අඩංගුවට