IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුදල් පසුම්බිය අතුරුදන් වුණ බවට කොස්තාපල්වරයෙක්ගෙන් පැමිණිල්ලක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


නාරාහේන්පිට පැවති පොලිස් ජල ක්‍රීඩා සංකීර්ණයේදී රුපියල් දොළොස් දහසක් සහිත තම මුදල් පසුම්බිය කිසියම් අයකු සොරාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි නාරාහේන්පිට පොලීසිය කියයි. 


එම මුදල් පසුම්බිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ තාවකාලික අවසර පත්‍රය, ජාතික හැඳුනුම්පත, රියැදුරු බලපත්‍රය හා තවත් ලිපි ලේඛන තිබූ බව පොලිස් කොස්තාපල්(90163) ටිකිරි බණ්ඩාර ලහිරු ගිම්හාන විජේසිංහ මහතා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.


දහවල් 11ට පමණ පොලිස් ජල ක්‍රීඩා සංකීර්ණයේ පැවති සේවය ස්ථිර කිරීමේ පරීක්ෂණයේ පිහිනුම් පරීක්ෂණයට සහභාගී වීම සඳහා ඔහු හැඳසිටි අංක 2 දරණ නිල ඇඳුම නිලධාරීන්ගේ ඇඳුම් මාරු කරන කාමරයේ එල්ලා තබා පිහිනුම් ඇඳුම හැදගෙන පොලිස් හැඳුනුම්පත පමණක් රැගෙන පරීක්ෂණයට පෙනී සිටීමට පිටවී ගිය බව කොස්තාපල්වරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.


අනතුරුව දහවල් එකොළහ පසුවී විනාඩි පහලොවකට පමණ පසු ඇඳුම් එල්ලා තිබූ කාමරයට පැමිණ බලද්දී කලිසම් සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය කිසිවකු සොරාගෙන ගොස් ඇති බව කොස්තාපල්වරයා පොලිසියට පවසා ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.   



අදහස් (0)

මුදල් පසුම්බිය අතුරුදන් වුණ බවට කොස්තාපල්වරයෙක්ගෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site