(දයාරත්න ඇඹෝගම)
ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකින් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමින් උප කොන්ත්‍රාත්කරුවෙකු එම වැඩපලේ අඩි 40 ක් පමණ උස ගසක් මත නැග අද (12) සිට උපවාසයක නිරතව සිටි.
මෙසේ උද්ඝෝෂණයේ නිරතව ඇත්තේ ගලෙන්බිඳුණුවැව උපුල්දේණිය පදිංචි වයස අවුරුදු 48 පමන වන දෙදරු පියෙකි.
ගලෙන්බිඳුනුවැව සෝමියෙල් පෙදෙසේ පරණ යකල්ල ආයුර්වේදය තිබඅූ ස්ථානයේ දැනට ඉදිවෙමින් පවතින තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිවෙන ගොඩනැගිලි මේවන විට සාදා අවසන් අදියරට පත්ව තිබුණද මෙම උප කොන්ත්‍රාත්කරුට ප්‍රධාන කොන්ත්‍රාත් ආයතනයෙන් ලැබිය යුතු මුදල් මෙතෙක් ලබා නොදීම මෙම උපවාසයට හේතුවි තිබේ.
මෙම උපවාසකරු මීට දින දෙකකට (10) දිනද උදෑසන මෙම ගස මතට නැග තම ඉල්ලීම් ඉල්ලා සිටි අතර එහිදී ගලෙන්බිඳුනුවැව පොලිස් නිලධාරීන් මැදිහත්ව අදාළ අයතනය සමග සාකච්ඡා කර එදින මුදල් ලබා දෙන බවට පොරොන්දු වී ගසෙන් බස්සවා ඇති අතර අද වන විටත් එම පොරොන්දුව ඉටු නොවූ බව පවසා අද (12) උදෑසන 8.00 පමණ ඔහු නැවත එම ගස මතට නැග උපවාසයක් අරඹා තිබේ.
ගලෙන්බිඳුනුවැව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ උපවාසකරන පුද්ගලයා ගසින් බැස්සවීමට උත්සහයක් කළද තම මුදල් ලැබෙන තුරු ගසින් නොබසින බව පවසා තවමත් ඔහු එම ගස මත නැග උපවාසයේ නිරතව සිටියි.


2025 දෙසැම්බර් මස 18
185
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් නොදුන්නැයි උප කොන්ත්‍රාත්කරු ගහක නැගලා