මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පෙරවරුවේ විවෘත කළේය.
රාජගිරිය, සරණ මාවත අංක 03 දරණ ස්ථානයේ මෙම නව සය මහල් ගොඩනැගිල්ල පිහිටා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය යටතේ මුදල් කොමිෂන් සභාව 1987 වර්ෂයේ දී ස්ථාපිත කර ඇති අතර 1988 දී ආරම්භ වී වසර තිහක වැනි කාලසීමාවක් තුළ මුදල් කොමිෂන් සභාවේ කාර්යාලය විවිධ ස්ථානවලට මාරු වීම හමුවේ ආයතනයේ ක්‍රියාකාරිත්වයට මෙන් ම ආයතනයේ කාර්යමණ්ඩලයට ද නොයෙකුත් ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වීමෙන් මෙම නව ගොඩනැගිල්ල ඉදි කර තිබේ.
සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
කථානායක කරූ ජයසුරිය මහතා ද පළාත් ආණ්ඩුකාරවරුන් ද, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරන් ද මුදල් කොමිෂන් සභාවේ සභාපති යූ.එච්. පලිහක්කාර මහතා ඇතුථ කොමිසමේ සමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(36698)




(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ
maheshika Friday, 01 February 2019 05:44 PM
මීට කලින් ඔය කොමිෂම තිබුනේ කොහෙද? මේකත් තව දැවෙන ප්‍රශ්නයක් විසඳීමක්ද?
janahitha Saturday, 02 February 2019 04:16 AM
මේවා අනවශ්‍ය වියදම්. මේවා තිබුනත් නැතත් රටේ සිදුවෙන දේ සිදු වෙනවා. මේක රෝහලක් හෝ අධ්‍යාපන ආයතනයක් වෙත පවරා දියයුතුය. පඩිපෙළ නිසා රෝහලකට නම් සුදුසු නැහැ
asoka Saturday, 02 February 2019 07:27 AM
ඔය මොනවා දැම්මත් හොරකම් කරන කෙනා හොරකම් කරනවා .