(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු මුදල් හා උපකරණ තොගයක් මංකොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ වයස අවුරුදු 13 ක ළමයකු අත්අඩංගුවට ගෙන අද (30) අධිකරණයට ඉදිරිපත් කරන බවට වව්නියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.
ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ පදිංචි විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත අයෙකුගේ නිවසට අලුයම් කාලයේ කොල්ලකරු ඇතුළු වී නිවසේ තිබූ මුදලින් රුපියල් 40,000 ක්, ජංගම දුරකතන, ඩ්‍රෝන කැමරා ඇතුළු රුපියල් 64,000 ක් පමණ වටිනා විද්‍යුත් උපකරණ තොගයක් කොල්ල කා ඇති බවට නිවසේ හිමිකරු විසින් ඉරට්ටපෙරියකුලම් පොලීසියට පැමිණිලි කරන ලදී.
පසුව ඉරට්ටපෙරියකුලම් පොලීසිය අදාළ කොල්ලකරු සොයා පරීක්ෂණයක් ආරම්භ කරන අතුරතුර ක්‍රියාත්මක වූ වවුනියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් පැය 24 ක් යාමට පෙර කොල්ලකරු අත්අඩංගුවට ගැණිනි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
596
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුදල් - උපකරණ මංකොල්ල කෑ ළමයෙක් අත්අඩංගුවට