චාපා මධුභාෂිණී
මැදිරිගිරිය මූලික රෝහලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් ලබාදෙන ලෙසට බල කරමින් ගැබිණි මව්වරු 15ක් පමණ අද (8) උදෑසන මැදිරිගිරිය කළගෙඩි පාලම අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
පැය භාගයක පමණ කාලයක් මාර්ගය අවහිර කරමින් ගැබිණි මව්වරුන් කළ විරෝධතාවය නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති විය.
උද්ඝෝෂණයේ නිරතවූ ගැබිණි මව්වරුන් පැවසුවේ මැදිරිගිරිය මූලික රෝහලට පැමිණි ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන් එක් මාසයක් පමණ සේවය කර නැවත ස්ථාන මාරුවීම් ගෙන වෙනත් රෝහල්වලට යන බවයි.
දැනට මැදිරිගිරිය බල ප්‍රදේශයේ සිටින ගැබිණි මව්වරුන් 400 පමණ සිටින බවත් මෙම මව්වරුන්ට විශේෂඥ වෛද්‍යවරයකු හමුවී සේවාවන් ලබා ගැනීම සඳහා කිලෝමීටර 35 පමණ දුර ගෙවා පොලොන්නරුව මහ රෝහලට යාමට සිදුව ඇත.
දරු ප්‍රසූතියට ආසන්නව සිටින මවක් මෙපමණ දුරක් ගෙවා පොලොන්නරුව මහ රෝහල වෙත යාමේදී එම මවට සහ දරුවාට අවදානමක් ඇති බවට ඔවුහු චෝදනා කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මැදිරිගිරියේ ගැබිණි මව්වරු පාරට බසිති