(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
මුහුණු පොත ඔස්සේ හඳුනාගත් තරුණියක් හමුවීම සඳහා මැදියම් රාත්‍රීයේ යතුරුපැදියකින් තලගහ විජයානන්ද මාවතේ ගමන් කරමින් සිටි තරුණයකුට යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් පහරදී තරුණයා පැමිණි යතුරුපැදිය කොල්ලකා ගෙන පලා ගොස් ඇති බව අක්මිමන පොලිසිය පවසයි.
සිද්ධියට අදාළ තරුණයා කරාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ මුහුණු පොතින් හඳුනාගෙන ඇති තරුණියක හමුවීමට පසුගිය 22 රාත්‍රී 12.30 ට පමණ සිය නැන්දණියට අයත් ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් තලගහ විජයානන්ද මාවත ඔස්සේ ගමන් කරමින් සිට ඇත.
මෙසේ ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා ඉදිරියට මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් තිදෙනෙකු යතුරු පැදියකින් පැමිණ යතුරුපැදිය මඟ හරස් කර නතරකර පොලුවලින් පහරදී ඇතැයි අක්මීමන පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.
පහරදෙන අවස්ථාවේ පැමිණිලිකරු යතුරුපැදිය දමා පැන ගොස් ඇති අතර පසුව නැවත පැමිණ බලන විට යතුරුපැදිය එම ස්ථානයේ නොතිබූ බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම යතුරුපැදිය තම නැන්දාට අයත් එකක් බවද එහි වටිනාකම රුපියල් දෙලක්ෂ හැටනව දහසක් බවද පහර කෑමට ලක්වූ පුද්ගලයා විසින් අක්මීමන පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැදියමේ තරුණිය හමුවීමට ගිය තරුණයාට පහර දී යතුරුපැදිය සොරාගනී