(ඔගස්ටින් ප්‍රනාන්දු)
මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික ඇගළුම් ආයතනයක වැටුප් නොගෙවීයැයි කියමින් එහි සේවකයෝ පිරිසක් අද ( 22 ) හලාවත සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
මෙම ආයතනයේ සේවකයින් 110 සේවය කරණු ලබන අතර පසුගිය කොරෝනා වසංගතය පැතිර තිබූ කාලයේ දී ආයතනය තමන්ට ගෙවිය යුතු වැටුප නිසි ලෙස නොගෙවූ බවත් පෙබරවාරි මස වැටුපෙන් අඩක් ද මාර්තු මස වැටුප දින 14 කට සීමා කරමින් ද අප්‍රේල් මස වැටුප ද මැයි මස දින නවයක වැටුප ද ගෙවා සෙසු දිනවල වැටුප් නොගෙවා ආයතනය වසා දමා ඇති බවත් විරෝධතාවේ නිරතව වූ පිරිස පැවසූහ.
හලාවත කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ පසු එම වැටුප අද ( 22 ) ගෙවීමට නියමිතව තිබූ නමුත් ඔවුහු එම පොරොන්දුව කඩ කර ඇති බවත් විරෝධතාවේ නිරත පිරිස පැවසූහ.
මෙම වැටුප් ප්‍රශ්නය ප්‍රමාද වී පැමිණිලි කර ඇති බවත් නොගෙවූ වැටුප අඩුවකින් තොරව ගෙවීමට හාම්පුතුන්ට නියෝග කළ බවත් එම හාම්පුතුන් එම පොරොන්දුව කඩ කර ඇති බවත් මෙම සිද්ධිය කම්කරු විනිශ්චය සභාවට දන්වා සහනයක් ලබා දීමට පියවර ගන්නා බවත් හලාවත සහකාර කම්කරු කොමසාරිස් සී.ජී.එච්. සකත් ලංකා මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාදම්පේ ඇගළුම් ආයතනයක සේවකයින් පිරිසක් විරෝධතාවක