IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මදුනාගල අභයභූමියෙන් දඩයක්කරුවන් තිදෙනකු අත්අඩංගුවට

(සනත් ගමගේ)
 
මදුනාගල අභයභූමියේ කරඹගල් ආරවැව ආසන්නයේ සතුන් දඩයමේ නිරත වී සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙක් පතුරොම් තුවක්කුවක් සමඟ අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ  අඩවි ආරක්ෂක නිලධාරී ජේ.ඒ.පී විජයකුමාර  මහතා කීය. 


වනජිවී නිළධාරින් අභයභූමිය තුළ සිදු කෙරුණු සෝදිසියක දී මෙලෙස පුද්ගලයින් තිදෙනෙකු ගිනි අවියක් සමඟ කැළයේ සිටි අතර වනජීවී නිළධාරීන් ඒ ආසන්නයට යන විටත් ඉන් පුද්ගලයින් දෙදෙනෙකු  පලා ගොස් ඇති අතර ගිනි අවිය අතැතිව සිටි පුද්ගලයා ගිනී අවිය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 


මදුනාගල අභය භුමියේ රක්ෂිත කැළයේ ද වන සතුන් දඩයම් කිරීම බහුල වශයෙන් සිදුකරන අභයභූමිය තුළ සිදුකරන  පස් කැපීම්, කැළය කැපීම් වැනි නීතිවිරෝධි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ම මෙම සතුන් දඩයම් කිරීමේ ජාවාරම්වලද නිරත වන බව වනජීවී නිළධාරීහු පවසති.


මෙම නීතිවිරෝධි ක්‍රියා නතර කිරීමට උත්සාහ ගැනීමේ දී වනජීවී නිළධාරින්ට විවිධ බොරු චෝදනා ඉදිරිපත් කිරීමට නීතීවිරෝධි ක්‍රියාවල යෙදෙන සහ ඒවාට අනුබල දෙන වගකිවයුතු පිරිස් කටයුතු කිරීම නිසා නිළධාරීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද වාර්තාවේ.



අදහස් (0)

මදුනාගල අභයභූමියෙන් දඩයක්කරුවන් තිදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site