IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මුද්දර සංගම් - සමාජ ලියාපදිංචි කිරීමට පියවර

(ඩයනා උදයංගනී)

දිවයින පුරා ක‍්‍රියාත්මක වන සියලු මුද්දර සංගම් සහ මුද්දර සමාජ (පාසල්) තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයෙහි ලියාපදිංචි කළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.  

මෙම ලියාපදිංචි කිරීම් ජූලි 31 වැනිදාට පෙර කළ යුතු බව මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ශාන්ත කුමාර මීගම මහතා පැවසීය.

මුද්දර එකතු කිරීමේ විනෝදාංශය ප‍්‍රචලිත කිරීම සඳහා දැනටමත් දිවයින පුරා මුද්දර සංගම් හා සමාජ ක‍්‍රියාත්මක වන අතර ඒවා තවත් වැඩිදියුණු කරමින්, ඔවුන්ට නිවැරදිව එම කටයුතු කිරීම සඳහා මගපෙන්වීමේ අරමුණින් ලියාපදිංචි කරවීමට පියවර ගත් බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

ලියාපදිංචිවීම සඳහා වන අයදුම්පත www.stamps.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් අධ්‍යක්‍ෂ, මුද්දර කාර්යාංශය, තැපැල් මූලස්ථානය, කොළඹ 10 යන ලිපිනයට මෙම මස 31 වැනිදාට පෙර යොමුකළ යුතු බව හෙතෙම කීවේය.

මේ යටතේ ලියාපදිංචි වන මුද්දර සංගම් සහ සමාජයන්ට කාර්යාංශය මගින් සංවිධානය කරන මුද්දර නිර්මාණ තරග සහ මුද්දර ප‍්‍රදර්ශනවලට සම්බන්ධවීමේ අවස්ථාව හිමිවන බවද අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

මුද්දර සංගම් - සමාජ ලියාපදිංචි කිරීමට පියවර

G.D.D Galagedara Monday, 15 August 2022 09:12 PM

අගයකරනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site