IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෝදක ගුලි සමඟ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට


(ඩී. ජී .සුගතපාල)   

                                         
බද්දේගම ඉඳිගස්කැටිය ප්‍රදේශයේ ආයුර්වේද බෙහෙත් ශාලාවක තිබී බලපත්‍ර නොමැතිව නිතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මෝදක ගුලි 1550ක් සමඟ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම ආයුර්වේද බෙහෙත් ශාලාව පරීක්ෂා කිරීමේදී අදාළ මෝදක ගුලි හමුව තිබිණි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 77 ක් වයසැති දේශීය වෛද්‍යවරයෙකි.

අත්අඩංගුවට ගන්නා ලද මෝදකවල වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරකට අධිකය.

සැකකාර වෛද්‍යවරයා සහ මදන මෝදක තොගය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බද්දේගම පොලිසිය වෙත බාරදී ඇත.



අදහස් (0)

මෝදක ගුලි සමඟ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site