( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් සහ පාසලක් ආසන්න නිවසක් වටලා මත්ද්‍රව්‍ය සමඟ පිය පුතු දෙපලක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය කියයි.
එම සැකකරුවන් සමඟ මාවා මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් ගංජා ග්‍රෑම් 50 මත්පැන් බෝතල් නවයක් විදේශීය දුම්වැටි බන්ඩල් 2 කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම සැකකාර පිය පුතු දෙපළ පෞද්ගලික විශ්ව විද්‍යාලයට සහ පාසලට පැමිණෙන සිසුන් සහ තරුණයන් ඉලක්ක කරගෙන මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ කලක සිට යෙදී ඇතැයි පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37 සහ 62 අතර පසුවන්නන් ය.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිසිය වෙත භාර දී ඇත

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.