(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
මැතිවරණ නීතිරීති උල්ලංඝණය කරමින් ආගරපතන නගරයට ආසන්න ස්ථානයක ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් වරද පිළිගැනීම හේතුව නිසා ඔවුන් ශරීරි ඇප මත මුදාහැර ඇත.
අද (04) වෑන් රථයකින් පැමිණ දික්ඔය හා බගවන්තලාවේ පදිංචිකරුවන් දෙදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකට සහාය පලකරමින් විශාල ප්‍රමාණයේ පෝස්ටර් අලවමින් සිටියදී ආගරපතන පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේදී වෑන් රථය තුළ පෝස්ටර් 19240 ක් පමණ තිබුණු බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා ද පෝස්ටර් හා වැන් රථය අද (04) නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමෝද ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් වරද පිළිගැනීම නිසා ඔවුන් දෙදෙනා ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට