( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා කඩුවෙල පදිංචිකරුවකු අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
කඩුවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන සිරිසේන දොළවත්ත මහතා විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම , එහි සභාපති ඇතුළු එහි සාමාජිකයින් නම් කරනු ලැබ ඇත.
නීතීඥ පේ‍්‍රමනාත් සී .දොළවත්ත මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා අවසන් විණි.එලෙස එම පළාත් සභාවේ නිල කාලය අවසන් වී මාසයක් ගත වුවද මේ දක්වාම මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කර නොමැත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තිය සහ පළාත් සභා පනතෙහි විධිවිධාන අනුව බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇත.
එහෙත් එම කාර්යය වගඋත්තරකරුවන් ඉටුකර නොමැත.මේ හේතුවෙන් අදාළ පළාත් සභාව තුළ වෙසෙන ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝණය වී තිබෙන බවද පෙත්සම්කරු කියා සිටී.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , බස්නාහිර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ද සිය රිට් පෙත්සමින් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැතිවරණය පවත්වන්න’යි ඉල්ලා රීට් පෙත්සමක්
sharm warn Wednesday, 29 May 2019 11:19 AM
ඇත්තටම අපිට මේ පළාත් සභා අවශ්‍යද? රටේ ආදායම වියදමට වඩා ඉහල ගිහින් තියෙන්නේ මේ බොරුකාර රංචුව නඩත්තු කරන්න ගිහින් කියලා මහා ජනතාව දන්නවා . මොනවද මේ පළාත් සභා කියා ගන්න හොර ගුහා වලින් රට ට වෙච්ච සෙතේ ?