(කාංචන කුමාර ආරියදාස )
ලොකු ලූනු වගාව සඳහා ප්‍රසිද්ධ මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර ලොකු ළූණු වගාව 90%කින් පමණ අඩුවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ කුසුම් සෙනවිරත්න මහත්මිය පවසයි.
වෙනත් වසරවල මේ දින වකවානු වන විට බීජ තාවන් දමා පැළ සිටුවා අවසන් වන බවත් එහෙත් මෙවර 10%ක් පමණ තවාන් පමණක් දමා ඇති බව ද ඒ මහත්මිය කියයි.
ලූනු වගාව මෙවර අඩුවීමට ආසන්නම හේතුව වී ඇත්තේ වියළි කාලගුණික තත්වය ,මහවැලියෙන් ජලය ලබාදීම සිමා කිරීම , නිෂ්පාදන වලට මිලක් නොමැති වීම හා නිෂ්පාදන මිල ඉහළයාම බව ද ඒ මහත්මිය පවසයි.
මාතලේ ලොකු ලූනු වගාව මෙතරම් අඩු වී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව කියැවේ.
මහවැලි ජලාශවලින් ගොවීන්ට ජලය නිකුත් කිරීම කන්න හතරක සිට සීමා කර ඇති බවත් මහවැලි ජලය ගොවිතැනට නොදී මොරගහකන්ද ජලාශය පිරවීමට යොදාගන්නා බවත් ගොවීන් තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.
මේ සිද්ධීන් නිසා ගොවින් දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත් ජලය නිකුත් නොකිරීම ගැන තමන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව ද ඒ මහතා කියයි.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාතලේ ලොකු ළූණු වගාවේ සියයට 90 ක අඩුවීමක්