IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාතලේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 324 ක්

(මහේෂ් කිර්තිරත්න)  

මහ මැතිවරණයට අදාළ මාතලේ දිස්ත්‍රික්කය තුළ අද (03) වැනිදා වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධින් 324 ක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

මාතලේ දිස්ත්‍රික්කය තුළ බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන බවත් නීති විරෝධී රැස්වීම්, භාණ්ඩ බෙදාදීම්, සංග්‍රහ කිරීම් ,මාර්ග සඳහා මුල්ගල් තැබීම් , නීති විරෝධී කාර්යාල දැමීම ආදී සිද්ධීන් වාර්තා වන බව සහකාර මැතිවරණ කොමසාරිස් කුමරනි ප්‍රතාපසිංහ මෙනවිය සඳහන් කළාය.

මැතිවරණ රාජකාරියේ නිරත නිලධාරීන් පිරිසකට බැන තර්ජනය කිරීමේ සිද්ධීන් දෙකක්ද පැමිණිලි අතර තිබෙන බවත් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

මෙම පැමිණිලි පිළිබඳව විමර්ශනය කරන බවත් පැමිණිලි කිහිපයක් පිළිබඳව මැතිවරණ කොමිසම වෙත වාර්තා කර ඇති බවත් සහකාර කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (0)

මාතලේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 324 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site