(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ නගරාධිපතිවරයාගේ නිල රියදුරා විසින් මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට බැන තර්ජනය කිරිමට විරෝධය දක්වමින් නගර සභාවේ උප නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු සිව්දෙනෙක් අද (16) දින නගර සභවේ ගේට්ටුව ඉදිරිපිට බිම වාඩිවී විරෝධතාවක නිරතවූහ.
ඊයේ (15) වන දින නගරාධිපතිවරයාගේ රියදුරු සමග තවත් රියදුරෙකු (14) වන දින රාත්‍රියේ නිසි අවසරයකින් තොරව නගර සභාව සතු රථ දෙකක් රැගෙනගොස් ඇති බවට නාගරික කොමසාරිස්වරයාට ලැබුණු තොරතුකට අනුව ඒ පිලිබද එම රියදුරන්ගෙන් විමසා මින් ඉදිරියට එවැනි ක්‍රියාවන් සිදු නොකරන ලෙසත් එවැන්නක් සිදු කලහොත් නිතිමය පියවර ගන්නා බවට නගරික කොමසාරිස්වරයා විසින් රියදුරන්ට දන්වා තිබේ.
එම ප්‍රකාශයට එරෙහිවු රියදුරන් හා නගරාධිපතිවරයා නාගරික කොමසාරිස්වරයරයාට බැණ තර්ජනය කළ බවට නාගරික කොමසාරිස්වරයා විසින් ඊයේ (15) දින මාතලේ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. නමුත් ඒ පැමිණිල්ලට මේ වනතුරුත් පොලිසිය ක්‍රියාත්මක නොවිමට හා දිගින් දිගටම නිළධාරීන්ට හා නාගරික මන්ත්‍රීවරුන්ට සිදුවන මැරතර්ජයන්ට එරෙහිව උප නගරාධිපති සන්දනම් ප්‍රකාශ් හා අමිල නිරෝෂන එම් වීරසිංහ (පොදුජන පෙරමුණ ) හා එම් නිලාෆ් (ජවිපෙ) මන්ත්‍රිවරු විරෝධතාවේ නිරත වුහ.

2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතලේ නාගරික කොමසාරිස්ට තර්ජනය කිරීමට එරෙහිව විරෝධතාවක්