IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මාතලේ ග්‍රාම නිලධාරී වසම් 136 ක් අවදානමක

(මහේෂ් කිර්තිරත්න)

අධික වර්ෂාව සහිත කාලගුණික තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ක ග්‍රාම නිලධාරි වසම් 136 අවදානමට ලක්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර මහතා අද (18) පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාතලේ අතිරේක දිසාපතිවරුන් වන ඉෂාන් විජේතිලක සහ නිශාන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ මහත්මා ගාන්ධි අනුස්මරණ ශාලවේදී පැවති රැස්වීමකදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු චමින්ද අමරවිර මහතා මෙසේද පැවසීය.

දිස්ත්‍රික්කයේ ගල් පෙරලිම් ,නාය යෑම් ,ගිලා බැසිම් සිදුවන ග්‍රාම නිලධාරි වසම් 94ක් සහ ගංවතුර අවදානම ඇති ග්‍රාම නිලධාරි වසම් 42 ක් හදුනාගෙන ඇති බවත් මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් මාතලේ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාය යැම් ගල් පෙරලිම් අවදානමක් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු ඇගවිම් නිකුත් කර ඇති බවත් මීට අමතරව පසුගිය කාලයේ නාය යැම් ගල් පෙරලිම් ගිලා බැසිම් සිදුවූ ස්ථාන දිස්ත්‍රික්කයේ මෙසේ අවදානය යොමු කරන ලෙස දැනුවත් කර ඇති බවත්ය.

දිස්ත්‍රික් ආපදා කළමණාකරණ කමිටුව සහ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු නැවත සක්‍රීය කරන ලෙස දැනුවත් කර ඇති බවත් කොරොනා තත්වය මධ්‍යයේ වුදව මෙය ක්‍රියාත්මක කළ යුතු බවත් ආපදා තත්වයන් දෙකම ජය ගත යුතුව ඇති බවද මෙහිදි අමරවිර මහතා පැවසීය.



අදහස් (0)

මාතලේ ග්‍රාම නිලධාරී වසම් 136 ක් අවදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site