IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මිතුරන්ට මත්කුඩු සාදයක් දැමූ අය අත්අඩංගුවට


(කාංචන කුමාර ආරියදාස)


රුපියල් එක් ලක්ෂ තිස් දාහක් සොරකම් කර පැය හතරක් ඇතුළත ඉන් රුපියල් හතළිස් දහසක  මුදලක් වියදම් කරමින් මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත් වූ පුද්ගලයෙකු සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ආපන ශාලාවක දුම්වැටි අලෙවි කරන පුද්ගලයෙකු ළඟ තිබූ රුපියල් එක්ලක්ෂ තිස්දහසක මුදලක් පුද්ගලයෙකු සොරාගෙන ගොස් ඇතැයි දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.


එම සොරකම සිදු වෙන ආකාරය සහ මුදල් රැගෙන යන පුද්ගලයා පිළිබඳව ආපනශාලාවේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබී ඇත.


එම ආපන ශාලාවේ ඉදිරියේ පිහිටි  ලෑල්ලක් මත තිබු මුදල රැගෙන කලිසමේ සාක්කුවේ දමාගන්නා ආකාරයත් සටහන්ව තිබී ඇත , ඒ අනුව දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඉතා සූක්ෂම ලෙස මෙම සල්ලි මුදල් සොරා ගෙන යන පුද්ගලයා පිළිබඳව සැකසිතී ඔහුගේ නිවස පරික්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් ඒ වෙත යවා  තිබිණි.


 ඒ  අවස්ථාව වන විට  පැය හතරක කාලයක් ගතවී තිබුණි.   නිවසේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරීමේදී 130000 ක මුදලින් රුපියල් 40,000 ක මුදලක් වියදම් කොට තමන්ගේ මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත්වූ බව සැකකරු පවසා ඇත.


 ඉතිරි මුදල් සහ  සැකකරු    අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 



අදහස් (0)

මිතුරන්ට මත්කුඩු සාදයක් දැමූ අය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14313 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site