IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මිත්තණියගේ රන්බඩු සොරාගත් මුණුබුරා අත්අඩංගුවට


 
(සෙනරත් බණ්ඩාර සහ චමිල් රූපසිංහ)
 
සිය අත්තම්මාගේ රුපියල් හැත්තෑඅට දහසක් වටිනා  ස්වර්ණාභරණ සහ රුපියල් විසිපන්දහසක් පමණ වටිනා ජංගම දුරකතනයක් සොරාගත්  මුණුබුරකු පේරාදෙණිය පොලීසිය  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සොරකම් කිරීම සිදු වු දිනයේදී පේරාදෙණිය, කිරිබත්කුඹූර, රන්වන පිහිටි අත්තම්මාගේ නිවසට ගොස් ඇති සැකකරු නිවසේ  විදුලිය විසන්දි කර රන් බඩු සහ දුරකතනය රැගෙන පළාගොස් ඇත.                                                
අත්තම්මා විදේශගතව සිට පැමිණි අවුරුද  67 ක්  කාන්තාක් වන අතර ඇය ගමනක් ගොස්  නිවසට පැමිණ රාත්‍රියේ තම  ස්වර්ණාභරණ ගලවන අකාරය බලා සිටි මුණූපුරා භාණ්ඩ සොරාගනිද්දී  අත්තම්මා හොල්මනක් යැයි කෑ ගසන විට ඔහු නිවසින් පැන ගොස්  ඇති බවට පොලීසිය හමුවේ ලබාදී ඇති ප්‍රකාශ වල සටහන් වී තිබේ.

පැමිණිල්ලෙන් අනතුරුව මුණුබුරාගේ  සැක කටයුතු හැසීරිම පිළිබඳව සැක සිතු  පොලීසිය විසින් ඔහු පිළිබඳව සොයා බැලීමේදී  නිට්ටඹුව ප්‍රදේශයේ සිටින සැකකරුගේ පෙම්වතියට ස්වර්ණාභරණ තෑගි කරඇති බවත් පසුව පෙම්වතියගෙන් එය ඉල්ලා සැකකරු විසින් නිට්ටබුව බැංකුවට උගස් කර තිබියදී පොලිසිය මගින් තිබේ.

සැකකරු  අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සොරකම් කරන ලද ජංගම දුරකථනය, රන් මාලයක්,පෙන්ඩන්ට් එකක් හා මුද්දක්  සොයාගෙන ඇති අතර සැකකකරු  මත්කුඩුවලට ඇබ්බැහි වූ වයස අවුරුදු 32 ක්  පමණ වන පුද්ගලයෙකි. ඔහු අද (16)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මිත්තණියගේ රන්බඩු සොරාගත් මුණුබුරා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31600 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13962 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11087 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site