රොමේෂ් මධුෂංඛ
මත් ටොෆි හා මත් චොකලට් තොගයක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් මත කුඩා ලොරි රථයකින් අදාළ මත් ටොෆි හා චොකලට් ප්‍රවාහනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අදාළ ජාවාරම සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
සැකකරු සතුව තිබී මත් චොකලට් පෙට්ටි 32 ක් හා පැන්සල් මාදිලියේ මත් ටොෆි පෙට්ටි 25 ක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (21) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මත්ටොෆි - චොකලට් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට