(විනීතා එම් ගමගේ)
මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිතව පැන නැගී ඇති පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩාවට පත්ව සිටින, ඒ ආසන්නයේ ජීවත් වන, අවධානය යොමු විය යුතු තවත් පවුල් 141ක පිරිසක් සිටින බව සර්වෝදය ව්‍යාපාරය කියයි.
ගංවතුරකට විනාශ වූ නිවාස වෙනුවට කුණු කන්දේ එක් පසෙක සර්වෝදය ව්‍යාපාරයෙන් ඉදිකර දුන් තාවකාලික නිවාසවල මෙම පවුල් වෙසෙති.
පසුගිය සමයේ කසළ කන්ද නායයාමෙන් මෙම නිවාසවලට හානියක් නොවීම නිසා මේ පිරිස පිළිබඳව කිසිදු අංශයක අවධානය යොමු වූයේ නැතැයි සර්වෝදය කොළඹ දිස්ත‍්‍රික් සංවිධානය පෙන්වා දෙයි.
උද්‍යානයක් නිර්මාණය කිරීම සඳහා කසළ කන්දේ ඉදිකිරීම් කටයුතු සිදුවන බවද, මේ හේතුවෙන් නිරන්තර නැගෙන මීතේන් වායුවෙන් මෙම පෙදෙස බරපතල ලෙස වායු දූෂණයට ලක්ව ඇති බවද, අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි සර්වෝදය කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක ඉඳුනිල් ප‍්‍රසංග හිත්තැටිය මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම ප්‍රදේශයේ වෙසෙන තරුණ පිරිස අතරින් 85% ක් පමණ දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව එම අධ්‍යයනයේ දී හෙළිවූ බව කී හිත්තැටිය මහතා මන්දපෝෂිත දරුවන් හා අඩු බර දරුවන් ද මෙහි බහුලව සිටින බව කියා සිටියේය.
එහි බොහෝදෙනෙකුට වැසිකිළි පහසුකම් නොමැති අතර පවතින වැසිකිළි පවා ඇළ මාර්ගවලට හරවා ඇතැයි පෙන්වා දුන් සර්වෝදය සංවිධායකවරයා වැඩිහිටියන් මෙන්ම දරුවන්ද බොහෝ පිරිසක් චර්ම රෝගවලින් පීඩා විඳින බව ද සඳහන් කළේය.
උද්‍යානයේ ඉදිකිරීම්වලට පෙර සිදුවිය යුතුව තිබුණේ මෙම පවුල් 141 එතැනින් ඉවත් කර සුදුසු තැනක පදිංචි කරවීම බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිත පවුල් 141ක් අවදානමක