( සෙනරත් බණ්ඩාර )
පේරාදෙණිය ගම්පොල දවුලගල නාවලපිටිය යන පොලිස් බල ප්‍රදේශවල නිවාස 17ක් බිඳ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා රන් භාණ්ඩ, විදේශීය මුදල්, ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන සහ රුපියල් 50,000 ක් පමණ මුදල් සොරකම් කළ බව කියන තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.
අපරාධ විමර්ශන අංශය විසින් මාස ගණනාවක සිට කරන ලද විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දේපල සොරකම් සම්බන්ධයෙන් සැකකරුවන්ට අධිකරණ වරෙන්තු ගණනාවක් තිබෙන බව පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු මහනුවර නගරයේ ජංගම දුරකථන වෙළද සැල් 28 ක් එකම දිනයේම බිඳ එහි භාණ්ඩ සොරකම් සම්බන්ධයෙන් මහනුවර අධිකරණයෙන් ඇප ලබා සිටි අයෙකු බවද පොලිසිය කියයි.
සැකකරුවන් අධික ලෙස මත්කුඩු සදහා ඇබ්බැහි වී ඇති බවත් දිනකට එක් අයෙකු රුපියල් 15,000ක පමණ මත්කුඩු අවශ්‍යතාවය මත මෙසේ සොරකම් කරන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.


2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්කුඩු ගන්න ගෙවල් 17 ක් බින්ද තිදෙනෙක් අත්අඩංගුවට