IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මත්කුඩු අලෙවි කළ ලංගම රියදුරා අත්අඩංගුවට


( ඩබ්. ඒ .පියතිලක)


හිගුරක්ගොඩ  මැදිරිගිරිය සහ පොළොන්නරුව ප‍්‍රදේශවලට කුඩු  ප‍්‍රවාහනය කර අලෙවි කළ  මැදිරිගිරිය කොළඹ රාත්‍රී  ලංගම  බස් රථ රියදුරු කුඩු පැකට්  15ක් සමඟ දිවුලන්කඩවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.


අත්අඩංගුවට පත් පුද්ගලයා  පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ  දියසේන්පුර ඩිපෝවට අනියුක්තව මැදිරිගිරිය කොළඹ රාති‍්‍ර බස් රථයේ සේවය කළ   බුද්ධයාය ප‍්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය කියයි. 


මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති වෙත ලද තොරතුරකට අනුව සැක කටයුතු පුද්ගලයා ලුහුබැද  තිබේ.


ඒ අනුව  ඊයේ  (18 )  මධ්‍යම රාති‍්‍ර 12 ට පමණ බස්රථ රියදුරා  දිවුලන්කඩවල  ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 
අත්අඩංගුවට ගෙන පරීක්ෂා  කිරීමේදී   ඔහු  සන්තකයේ තිබී කුඩු පැකට් 15ක්  සොයා ගත් බවත්  එහි බර ග‍්‍රෑම් 2 මිලි ග‍්‍රෑම් 800ක් බව පොලිසිය කියයි.


පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජී. ධමිමික  විරසේකර මහතාගේ නියෝග  මැදිරිගිරිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවිමෙන් උප පොලිස් පරික්ෂක තේමිය සහ නිමල් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.  


අත්අඩංගුවට ගත් පුද්ගලයා  හිඟුරක්ගොඩ දිසා අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිත බව මැදිරිගිරිය පොලිසිය පවසයි.



අදහස් (0)

මත්කුඩු අලෙවි කළ ලංගම රියදුරා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site